Showing posts with label comedy. Show all posts
Showing posts with label comedy. Show all posts

Saturday, February 5, 2011

නෝ නෝ women නෝ cry

Best Blogger Tips
Bob Marley කියන්නේ අපි කව්රුත් හදුනන චරිතයක්.ඔහුගේ නිර්මාණ, සංගීතයට ඇලුම් කරන අපිට අලුත් දෙයක් නොවේ.සංගීතය තුළින් යම් කිසි දර්ශණයක්, වෙනසක් ඇති කරන්න‍ට ඔහු සමත් වුනා.තවමත් ඔහුගේ නිර්මාණ නොනැසී සංගීත ලොව දිදුලවන්නේ ඒ නිසා විය හැක.
නමුත්,මම අද ඔබට ඉදිරිපත් කරන්නේ ඔහුගේ ගීතයක් නොව ඔහුගේ ගීතයක් පාදක කොටගත් හාස්‍යමය වැඩසටහනක පටිගත කිරීමකි. "අරේ සහ මරේ" නම් මෙම වැඩසටහන පිළිබදව ඔබ අසා ඇති බව නොඅනුමානය.අප හොදින් හදුනන සුනෙත් චිත්‍රානන්ද හා ගාමින්ද (අපි නොදන්න ලයිව් එකේ දෙන්නා) විසින් ඉදිරිපත් කෙරූ මෙම වැඩසටහ‍න "ලයිට් එනකන්" යන නමින් ආරම්භ වූ අතර පසුකාලීනව "අරේ හා මරේ" ලෙසින් ගුවන්ගත විය.
No women No cry ගීතය හා බොබ් මාලි වටා ගෙතුනු මෙම කථාබහ හාස්‍යජනකය.මෙහි මා උපුටා දක්වන පටිගත කිරීම මා විසින් සිදු කරන ලද්දක් නොවන අතර, කව්රු කළද කල කාර්යය අගය කිරීම සිදුකළ යුතුමය.