Showing posts with label everything. Show all posts
Showing posts with label everything. Show all posts

Saturday, February 19, 2011

ගොඩනැගෙන ලංකාවට යනෙන මාවත

Best Blogger Tips
යම් දෙයක දියුණුව,යමෙකුගේ දියුණුව කාරණා කිහිපයක් මත පදනම් වෙනවා.ඉන් එකක් තමයි කලට වේලාවට වැඩ කිරීම.දියුණු වෙන රටක් හැටියට ශ්‍රී ලංකාවේ හැමෝටම පාහේ පුද්ගලික වාහනයක් භාවිතා කිරීමට තරම් වත්කමක් හිමිව නැත.ඉතින්,කලට වේලාවට අවශ්‍ය තැනට යන්න අපිට තියෙන එකම විසදුම කුමක්ද?

පොදු මගී ප්‍රවාහන සේවයක් යනු ඉහත අවශ‍්‍යතාවය සපුරාගැනීමට ඇති මාර්ගයයි.නැතිනම්, රටක සංවර්ධනයේ මූලිකම පුරුකයි.ලංකාවේ පොදු මගී ප්‍රවාහනය පිළිපදව සමාජය තුළ ඇත්තේ එතරම් යහපත් මානසිකත්වයක් නම් නොවේ.එයට හේතු මෙහි ගෙන දැක්වීමෙන් පලක් නැත.නමුත්, දැන් දැන් අප රටේ ගමනාගමන රටාවන් තුළ සිදුවන විපර්යාස පිළිබදව ඔබ විමසිලිමත් වූවාද?

රටක දියුණුව රජය මතම පවරා නොසිට පුද්ගලික අංශයද ඒ සදහා හවුල් කරගත් රාජ්‍යයන් අද රජුන් සේ ලොව කැපී පෙනෙයි.නමුත්,යටගියාවේ අප රට තුළ වූයේ කුමක්දැයි ඔබ අවබෝධයෙන් සිටින බව මා දනිමි.නමුත්,එම යටගියාව වළලා දමමින් වර්තමානයේ සියලු අංශයන්ගේ ආශිර්වාද මැද රටේ ප්‍රවාහන පහසුකම් නගා සිටුවෙන බව ඔබට දැනුනාද?

මහාමාර්ග ප්‍රවාහනය අතින් අධිවේගී මාර්ග ඉදිවීම,ලංගම ශක්තිමත් කිරීම, අධි සුඛෝපභෝගී බස් රථ සේවා (විවිධ ‍පුද්ගලික ආයතන විසින් ආසන වෙන් කරවා ගත හැකි) වැනි දෑ උදාහරණ ලෙස දැක්විය හැක.දුම්රිය මාර්ග ප්‍රවාහනය දෙසින් සුඛෝපභෝගී සීඝ්‍රගාමී දුම්රිය සේවාවන් හා එම ආසන වෙන් කරවා ගැනීමේ පහසු ක්‍රම මෙන්ම ඉදිරියේදී එක්වන විදුලි දුම්රිය සේවාවන් (අද දින මුල්ම විදුලි දුම්රිය කට්ටලය මෙරටට ගෙන්වා ඇත.) දැක්විය හැක.ගුවන් ප්‍රවාහන‍ය අතින් ප්‍රාදේශීය මට්ටමේ ගුවන් සේවා ඇරඹීම විශේෂ මංසළකුණක් ලෙස දැක්විය හැක.ජලය මගින් එසේත් නැතිනම් මුහුදෙන් හෝ ගංගා මතින් ප්‍රවාහනය දියුණුව පිළිබදවද විවිධ ක්‍රියාමාර්ග ගනිමින් පැවතීම සතුටුදායකය.

ඔව්.ඔබ සිතන දේ නිවැරදිය.මේ සේවා කොපමණ දියුණු වුවත් අප තවමත් මහ මග පැය ගණන් තපින්නෙමු. නමුත්, මේ අප රටේ ප්‍රවාහන අංශයේ දියුණුවේ ආරම්භක අවධියයි.අඩු වියදමකින් සුඛෝපභෝගී සේවාවක් ලබා දීමේ අවස්ථාවට රට සූදානම් වන මේ අදි‍යරේ ඒ සදහා පුංචි කාලයක් ලබා දීම සාධාරණ නොවේද?


Saturday, January 29, 2011

ගබඩාකරණය

Best Blogger Tips
අපි පරිභෝජනය කරන සියල්ල අපේ නුදුරටම ස‍මීප වී තිබීම සෑම පාරිභෝගිකයෙකුටම පහසුවක්.ඕනෑම අයෙකුට තමන්ට අවශ්‍ය භාණ්ඩය අවශ්‍ය වේලාවට අවශ්‍ය ප්‍රමාණයට මිළදී ගන්න වර්තමාන වෙළදපල අවස්ථාව සළසා දී තිබෙනවා.නමුත්,පාරිභෝගික අප සැමට මෙම පහසුව ලබාදීමට පාර්ශව කීයක් නම් යුහුසුඑ වෙනවාදැයි ඔබ දන්නවාද?ඔව්.එම ක්‍රියාවලි අපට වැදගත් නැහැ තමයි.නමුත්,එයින් සමහර දෑ සොයා බැලීම නිකරුනේ කාලය වැය කිරීමක් නොවන බව නම් ස්ථීරයි.
ගබඩාකරණය යනුද ඉහත කී අදියරයන්ගෙන් මූලිකම තැනක් ගන්නා මාතෘකාවක්.පාරිභෝගිකයාගේ ඉල්ලුමට අනුව සැපයුම සැලසීම උදෙසා ගබඩාකරණ‍ ක්‍රියාවලිය ප්‍රාණවත්ව තිබිය යුතුමය.නිෂ්පාදන ක්‍රියාවලියෙන් අනතුරුව එම නිෂ්පාදිතයන්ගේ වගකීම පැවරෙන්නේ ගබඩාකරණය මතයි.නිෂ්පාදිතයන්ගේ සුරක්ෂිතභාවය මෙන්ම වෙළදපළ ඉල්ලුමේ උච්චාවචනයන්ට අනුව ප්‍රතිචාර දැක්වීමේ වගකීමද මෙම ක්‍රියාවලියට අයත්.
ගබඩාකරණය (Warehouse Operation) වර්තමානයේ වෙළද ප්‍රජාව දැඩි අවධානයකට ලක් කළ මාතෘකාවක් ලෙස අපට හැදින්විය හැකියි.මන්දයත් මෙම අදියරේ බිද වැටීම අදාළ ව්‍යාපාරයේ අවසානය‍ විය හැකි බැවිනි.
මෙම ව්‍යාපාරික විශ්වාසයේම ප්‍රතිඵලයක් ලෙස‍ වර්තමානයේ බිහිවන ගබඩාකරණ පාඨමාළා හැදින්විය හැක.එමෙන්ම ගබඩාකරණය හා සම්බන්ධ විශාල රැකියා වෙළදපලක් බිහි වී තිබීමද මෙහි වැදගත්කම මනාවට පැහැදිලි කරයි.
ගබඩාකරණ‍ය යනු පුඵල් මාතෘකාවකි.ඒ හා සම්බන්ධ පටිපාටියන් රාශියකි.නමුත් එය ගවේෂණය ඉතාමත් රසවත්ය.ඔබත් වැඩිදුර අධ‍්‍යාපනයේ නව මංපෙත් සොයන්නෙක් නම් මේ මාවතත් සැළකිල්ලට ගත හැක.