Saturday, January 29, 2011

ගබඩාකරණය

Best Blogger Tips
අපි පරිභෝජනය කරන සියල්ල අපේ නුදුරටම ස‍මීප වී තිබීම සෑම පාරිභෝගිකයෙකුටම පහසුවක්.ඕනෑම අයෙකුට තමන්ට අවශ්‍ය භාණ්ඩය අවශ්‍ය වේලාවට අවශ්‍ය ප්‍රමාණයට මිළදී ගන්න වර්තමාන වෙළදපල අවස්ථාව සළසා දී තිබෙනවා.නමුත්,පාරිභෝගික අප සැමට මෙම පහසුව ලබාදීමට පාර්ශව කීයක් නම් යුහුසුඑ වෙනවාදැයි ඔබ දන්නවාද?ඔව්.එම ක්‍රියාවලි අපට වැදගත් නැහැ තමයි.නමුත්,එයින් සමහර දෑ සොයා බැලීම නිකරුනේ කාලය වැය කිරීමක් නොවන බව නම් ස්ථීරයි.
ගබඩාකරණය යනුද ඉහත කී අදියරයන්ගෙන් මූලිකම තැනක් ගන්නා මාතෘකාවක්.පාරිභෝගිකයාගේ ඉල්ලුමට අනුව සැපයුම සැලසීම උදෙසා ගබඩාකරණ‍ ක්‍රියාවලිය ප්‍රාණවත්ව තිබිය යුතුමය.නිෂ්පාදන ක්‍රියාවලියෙන් අනතුරුව එම නිෂ්පාදිතයන්ගේ වගකීම පැවරෙන්නේ ගබඩාකරණය මතයි.නිෂ්පාදිතයන්ගේ සුරක්ෂිතභාවය මෙන්ම වෙළදපළ ඉල්ලුමේ උච්චාවචනයන්ට අනුව ප්‍රතිචාර දැක්වීමේ වගකීමද මෙම ක්‍රියාවලියට අයත්.
ගබඩාකරණය (Warehouse Operation) වර්තමානයේ වෙළද ප්‍රජාව දැඩි අවධානයකට ලක් කළ මාතෘකාවක් ලෙස අපට හැදින්විය හැකියි.මන්දයත් මෙම අදියරේ බිද වැටීම අදාළ ව්‍යාපාරයේ අවසානය‍ විය හැකි බැවිනි.
මෙම ව්‍යාපාරික විශ්වාසයේම ප්‍රතිඵලයක් ලෙස‍ වර්තමානයේ බිහිවන ගබඩාකරණ පාඨමාළා හැදින්විය හැක.එමෙන්ම ගබඩාකරණය හා සම්බන්ධ විශාල රැකියා වෙළදපලක් බිහි වී තිබීමද මෙහි වැදගත්කම මනාවට පැහැදිලි කරයි.
ගබඩාකරණ‍ය යනු පුඵල් මාතෘකාවකි.ඒ හා සම්බන්ධ පටිපාටියන් රාශියකි.නමුත් එය ගවේෂණය ඉතාමත් රසවත්ය.ඔබත් වැඩිදුර අධ‍්‍යාපනයේ නව මංපෙත් සොයන්නෙක් නම් මේ මාවතත් සැළකිල්ලට ගත හැක.



Monday, March 8, 2010

වර්තමාන ජීවීන්ගේ අනාගතය

Best Blogger Tips



මේ අන්තර්ජාතික ජෛව විවිධත්ව වසරයි.ජෛව විවිධත්වය කියන දේ අපේ කන් වලට ටිකක් හුරුපුරුදුව ඇතිමුත් එහි නියමාකාර අර්ථය ලොව කිහිපදෙනෙකු හැර අප කිසිවෙකු තවමත් වටහා‍ගෙන නොමැති බව නම් නොඅනුමානයි.මේ ලෝකය මත වෙසෙන සෑම සත්වයෙකුම එකිනෙකකට වෙනස්.ඒ කියන්නේ එකම වර්ගයක සත්වයෙකුගේම විවිධාකාර අනුවර්ගයන් රාශියක් අපිට දැකගන්න පුලුවන්.නමුත්, අපි ඒ දැකලා තියෙන්නේ ඉන් 1000/1 විතරක් කියලත් අපි දැනගන්න ඕනා.ඒ අපි නොදැකපු සත්ව ජීවිත අපිට කවදාවත්ම දකින්න නොලැබෙන්න ඉඩ කඩ දැන් පැතිරිලා ඉවරයි.ඒ අවසානය‍ට පෑදුණු මංපෙත් වහ‍ලා ඉන්න ටික හරි රැකගමු කියන එක තමයි මේ වසරේ තේරුම.
මීට අවුරුදු 08කට විතර ඉස්සෙල්ලා දිනයක ලොව රටවල් 190ක විතර පරිසර බලධාරීන් රැස්වුණා.ඒ රැස්වීමේ ප්‍රතිඵලයක් විදිහ‍ට තමයි 2010 වසර වෙද්දි ලොව පුරා සිදුවන මේ ජෛව විවිධත්ව හානි වළක්වන බව‍‍ට එකගතාවයකට ආවේ.මේ කාරණා සම්බන්ධව ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාකරන්නේ පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයයි.
කාරණා කොහොමින් කොහොම වුනත් එදා අවුරුදු 08
කට ඉස්සෙල්ලා කරන්න හිතා ගත්ත දේවල් ඔක්කෝම අවසන් කරන්න නම් හැකි වෙලා නැහැ.නමුත්,ලෝකයේ ජෛව විවිධත්වය සංරක්ෂණ ක්‍රියාමාර්ග ඇහැට කනට පේන ගානට,ස්ථිර මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ මේ වසරට පින්සිද්ද වෙන්න බව නම් කිව යුතුමයි.ඇත්තටම කියනවනම්, අපේ රට තුලත් ජෛව විවිධත්වයේ අනාගතය වෙනුවෙන් ‍ලොකු වැඩ කොටසක් ඉටුවෙලා හමාරයි.2010 වෙද්දි ඉවරකරන්න බැරිවුණ වැඩ ටික ඉදිරියට පෙළගස්ව ගැනීමේ අරමුණින් මේ සදහා වගකියන බළධාරීන් 2010 ඔක්තෝම්බර් මාසේදී නැවත හමුවීමට නියමිතයි.
බළධාරීන්ට පමණක් ජෛව විවිධත්වය රකින්න දීලා කට
බලියන් ඉන්නේ නැතිව අපිට පුලුවන් දෙයක් වචනෙකින් හරි කරන්න පුලුවන් නම් 2011 රතු දත්ත වාර්තාවට අලුතින් එකතුවෙන සත්ව නාම හරි අඩකින්වත් අඩුකර ගන්න අපිට පුලුවන් වෙයි.2010 වසරින් ඔබ්බටත් ජෛව විවිධත්වයට සුභ කලදවසක් බිහිවේවි ද?


2010 Video

The IUCN Red List of Threatened Species